October 8, 2024

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ජිවිත තර්ජනයක් පවතින බවට පසුගිය වකවානුවේ ලැබුණු තොරතුරු තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය මැතිවරණ සමයේ හිටපු විපක්ෂ නායකවරයාට ජිවිත තර්ජනයක් පවතින බවට තොරතුරක් ලැබී තිබුණද, පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදී අදාළ තොරතුර තහවුරු වී නොමැති බවයි.

හිටපු විපක්ෂ නායකවරයාට ලබාදී තිබුණු ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, මේ වන විට සජිත් ප්‍රේමදාසට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය නොවන බැවින් අදාළ අතිරේක බලඇණි අවත්කර ඇති නමුත්, ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.

42.31%
17.27%
32.76%