
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ආණ්ඩුව සමග එක්වී ඇමැති ධුරයක් ලබා ගැනීමට සූදානම් වන බවට පළවන වාර්තා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය දිනවල විවිධ වාර්තා පළවී තිබුණේ ඔහු රජය සමග එක්ව සෞඛ්‍ය ඇමැති ධුරය භාර ගැනීමට සූදානම් වන බවටය.
එවැනි වාර්තා පළවීමට පසුබිම් වී තිබුණේ ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව කිහිපයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රශංසනීය ප්‍රකාශ සිදුකර තිබීමයි.
කෙසේවෙතත් ඇමැති ධුරයක් භාර ගැනීම හෝ ඊට අදාළ කිසිදු සාකච්ඡාවක් තමන් සහ රජය අතර සිදුවී නොමැති බව වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණය ළංවීමත් සමඟ දේශපාලන වෙනස්කම් සිදුවනු ඇතැයි සිතිය නොහැකි බවයි.
තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත්තේ ඔහු ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පමණක් බව ද සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
ඔහු ජනාධිපති වික්‍රමසිංහ සමඟ සහභාගි වූ විවිධ උත්සවවලදී ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ගැන ප්‍රශංසා කරමින් සඳහන් කර තිබුණේ රට කඩිනමින් ස්ථාවර කිරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳ බොහෝ දෙනා සැක පහළ කළ ද එය මේ වන විට යථාර්ථයක් වී ඇති බවයි.
ඇතැමුන් එම යථාර්ථය තේරුම් නොගෙන ඔහුව විවේචනය කරන බවද වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබිණි.
ඔහු මෙන්ම සමගි ජන බලවේගයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද ජනාධිපතිවරණයක් අභිමුව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත කරන බවක් පෙනෙන්නට තිබේ.
ජනාධිපති වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු ඩයනා ගමගේ, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඔහුගේ රජයට එකතු වී ඇමැති ධුර භාර ගැනීම නිසා වෛද්‍ය සේනාරත්න සම්බන්ධයෙන් ද එවැනි වාර්තා පළවෙමින් තිබේ.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart