
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිපෝෂ සම්බන්ධයෙන්වන මාර්ගෝපදේශ නිසි ලෙස සකසා ඇත්නම්, ත්‍රිපෝෂ මාස 06ත් අවුරුදු 03ත් අතර දරුවන්ට ලබාදිය හැකි බව සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහන් කරයි.
දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ සඳහා වන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පරස්පරතා පවතින බවත්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත්, එහි සභාපති දීප්ති කුලරත්න පවසයි.
ඊට නිසි පිළිතුරු හෝ විසඳුම් ලැබී නොමැති බවද සභාපතිවරයා සඳහන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලැබී නොමැති බවද සභාපතිවරයා පවසයි.
ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ට මෙන්ම වයස අවුරුදු 03ට අඩු දරුවන්ටත් ත්‍රිපෝෂ ලබාදීම අඛණ්ඩව සිදුකරන බව ඔහු සඳහන් කරයි.
මේ අතර, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පෞද්ගලික අංශයේ සංවිධානයක් විසින් සපයා ඇති බව සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහන් කර ඇත.
මෙම වසරේ ඉදිරි මාස කිහිපය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු සහ සෝයා බෝංචි ලෝක ආහාර සංවිධානය විසින් ලබා දී ඇති බව ද සභාපතිවරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart