
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික amphibious (උභයජල) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය අද (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව Ocean Voyager International ආයතනය විසින් නිපදවූ මෙම යාත්‍රාව, මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක ආරම්භය සටහන් කරයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, මෙතෙක් කතාවට පමණක් සීමා වී තිබූ දේශීය නිෂ්පාදන ආර්ථිකය ප්‍රායෝගිකව ජයග්‍රහණය කරවීම රජයේ ප්‍රමුඛතම වගකීම බවයි.
ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ග මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවට කෙටි කාලීනව විශාලතම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දිය හැකි ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් ලෙස බෝට්ටු හා නැව් නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇති අතර, දේශීය ඉංජිනේරුවන්ගේ හා ශ්‍රමිකයින්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍ය සියලු පහසුකම් හා රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා SLYG සමාගම් සමූහයේ සභාපති පියර් ප්‍රින්ජියර්ස් සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලකෂ්මන් ඔබේසේකර ඇතුළු සමාගම් පාලනාධිකාරිය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart