
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පක්ෂයේ සාමාජික මිලින්ද රාජපක්ෂ විසින් ජිනීවා හි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත නිල වශයෙන් පැමිණිලි ලිපියක් භාරදී තිබේ.
මෙම පැමිණිලි ලිපිය යුරෝපයේ වෙසෙන නීතිඥවරුන් පිරිසක් විසින් සකස් කරන ලද්දක් බව මිලින්ද රාජපක්ෂ සඳහන් කරයි.
සිවිල් සංවිධානයක් නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී පසුගියදා අදහස් දැක්වූ මිලින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ පුද්ගල ස්වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට සහ ආයතනික පාලන පද්ධතියට එල්ල වෙමින් පවතින තර්ජන පිළිබඳව සිය කනස්සල්ල පළකර තිබිණි.
එහිදී මානව හිමිකම් මණ්ඩලය ඇමතූ ඔහු, විපක්ෂයේ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම හරහා දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් පැහැදිලිව පෙනෙන්නට ඇති බව පැවසූ අතර, ඊට උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart