September 10, 2026

මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කොළඹදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සුපිරි තරු වන අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය සහ චමින්ද වාස් හමුවිය.

එහිදී ඔවුන් වෙත ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කර තිබේ.

එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම හිටපු ක්‍රීඩකයින් තිදෙනා දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වී ඇති බවයි.

“කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ප්‍රබලයින් වන අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය සහ චමින්ද වාස් හමුවීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. ඔවුන් දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ආදරය දිනාගැනීමට ඔවුන්ට හැකි වුණා,” යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇත.