
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය නිදහස් කරගැනීම ගැටලුවක් නොවනු ඇති බව, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඔහු කියා සිටියේ IMF නිර්දේශ කර ඇති කොන්දේසිවලින් බහුතරයක් මේ වනවිට රජය විසින් ඉටුකර ඇති බවයි.
මූල්‍ය අරමුදලේ මීළඟ සමාලෝචන රැස්වීම සැප්තැම්බර් 11 සිට 19 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
එය අවසන් වූ පසු දෙවැනි වාරිකය ලබාගත හැකි බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
IMF විසින් ශ්‍රී ලංකාවට සිය ණය වැඩසටහන යටතේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කර වැඩි මුදලක් පසුගිය මාර්තු මාසයේදී නිදහස් කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart