
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාර වේල නවීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාර වේල බන්දේසියක බහා එහි බත් සහ ව්‍යංජනයන් වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ගෙන දීම මෙම නවීකරණ වැඩපිළිවෙළින් සිදු කරන බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පෝෂණ විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් ‘දිනමිණ’ට පවසා ඇත.
මෙම වැඩපිළිවෙළෙහි නියමු ව්‍යාපෘතිය ජූලි මාසයේදී මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමටත්, ඉන්පසුව රට පුරා සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ඔහු පවසයි.
තරුපහේ හෝටල්වල සූපවේදීන් මඟින් රෝහල් මුලුතැන්ගෙයි ආහාර පිළියෙළ කරන අරක්කැමිවරුන්ට විශේෂ පුහුණුවක් හා ඔවුන්ට විශේෂ ඇඳුම් කට්ටලයක් ලබාදී මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කරයි.
පිළියෙළ කළ ආහාර රෝගීන්ගේ අසලටම ගෙනගොස් ලබාදීම සඳහා විශේෂ ඇඳුම් කට්ටලයකින් සැරසුණු පුද්ගලයන් යොදවන බවත් ඔවුන් වෙත රෝගියාව නොගෙන්වා රෝගියා වෙතට ගොස් ආහාරය ලබාදීම මෙමඟින් සිදුකරන බවත් වෛද්‍ය නලින්ද හේරත් ප්‍රකාශ කරයි.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්රතිපාදනයන් වැඩිකරදීමට කැමැත්ත පළකර ඇති බවත් ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමට පියවර ගන්නා බවත් ඔහු පවසයි.
මෙම වැඩපිළිවෙළට ආධාර කිරීමට කැමැති දානපතියන් සිටින්නේ නම් රජයේ රෝහල්වල පෝෂණවේදී වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මුණ ගැසී වැඩි විස්තර ලබා ගත හැකි බව ද වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart