
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ පෙනීයන ගැටලුවක් නොමැති බවත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී පුද්ගලයන්ගේ ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ ඇයගේ සහකරු වන සේනක ද සිල්වා වරක් ‘අපේ ජාතික පෙරමුණ’ නම් දේශපාලන පක්ෂයක හිමිකාරිත්වය දැරූ අතර එහි අයිතිය වත්මන් විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකට 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පවරා ඇත.
පසුව එය සමගි ජන බලවේගය ලෙස නැවත නම් කර තිබේ.
ඩයනා ගමගේට ඇති එක්සත් රාජධානියේ පුරවැසිභාවය හේතුවෙන් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා සමගි ජන බලවේගයේ හිමිකාරිත්වය නැවත ලබා ගන්නා බවට තර්ජනය කිරීමට ඇය පොළඹවා ඇත්තේ එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුව ඇති අවධානය හේතුවෙනි.
අදාළ නීතිමය ප්‍රතිපාදන මගින් දක්වා ඇති නීතිමය අවශ්‍යතා සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බව සහතික කරමින්, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සමාබන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වගකීම දරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ ඩයනා ගමගේ වරක් අපේ ජාතික පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කර ඇති නමුත්, පක්ෂයේ ව්‍යවස්ථාවේ සහ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සිදු කිරීමෙන් පසු එහි අයිතිය වෙනත් පක්ෂයකට පවරා ඇති බවයි.
අපේ ජාතික පෙරමුණ, සමගි ජන බලවේගය ලෙස නැවත නම්කර ඇති අතර, මැතිවරණ කොමිසම විසින් එය සමගි ජන බලවේගය ලෙස පිළිගෙන ඇත.
වත්මන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සඳහා නාමයෝජනා නිකුත් කර ඇත්තේ එහි වත්මන් ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නමින් වන බැවින්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ගැටලුවක් නොමැති බව සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට බාධාවක් නොමැති බවද මැතිවරණ කොමිසම කියයි.
අදාළ නීති ප්‍රතිපාදන යටතේ ද්විත්ව පුරවැසිභාවය ගැන සඳහන් කර නොමැති නිසා විදේශයක සිට පැමිණි අයකුට වුවද දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ හැකි බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කළේ ප්‍රේමදාස ප්රමුඛ කණ්ඩායමට පක්ෂ අයිතිය පැවරීම අවශ්‍ය සියලු ක්‍රියාපටිපාටිවලට අනුව 2019 දී අවසන් කළ බවත් එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ නීතිමය ගැටලු නොමැති බවත්ය.
ඩයනා ගමගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස නාමයෝජනා ලබා දීමේදී නොමඟ යවන සුළු ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart