
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවිතිගල ප්‍රදේශයේ රබර් වත්තක තිබී 16 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරක් සඳුදා (ජූලි 08) සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ වටපොත ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.
දැරියගේ මව වටපොත බෞද්ධ විහාරස්ථානයට ආසන්නයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවත්, එදින පාසල් නොයෑම හේතුවෙන් දැරිය නිවසේ තනිවම සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
එම නිසා මව විසින් ඇයට වෙළඳසැලට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දී ඇති අතර දරුවා පැමිණීමට ප්‍රමාද වීම නිසා ඇය සොයා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දරුවාගේ මව සිය නිවස බලා යමින් සිටියදී රබර් වත්තක් මැදදී දියණියගේ මළසිරුර හමුවී ඇත.
රබර් ගසක අත්තක් ඇය මතට වැටීමෙන් ඇය මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart