
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් පොලිස් වසමට අයත් ෆෝඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්රී කාලයේ සැරිසරන කදුකර කොටියකු හේතුවෙන් එම වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්වී ඇත.
දිනපතා රාත්රි කාලයේ තම නිවාස අසලට පැමිනෙන කදුකර කොටියා තම නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයන් ගොදුරු පිණිස රැගෙන යන බව එම වතුයායේ වතු කම්කරුවෝ පවසති.
වතුයාය අසල තිබෙන ලදු කැලෑවක වෙසෙන කදුකර කොටියන් රාත්රි කාලයේ ගොදුරු සොයා තම නිවාස අසළට පැමිණෙණ බවත්, එසේ පැමිණ තම නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයන් ගොදුරු පිණිස අල්ලාගෙන යන බව එම වතුයායේ වතු කම්කරුවන් කියාසිටියි.
මේ නිසා රාත්රි කාලයේ නිවසින් බැහැරව යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත්, මේ වන විටත් තම වතුයායේ නිවෙස් වල ඇතිකළ සුනඛයන් රැසක් කදුකර කොටියා විසින් ගොදුරු වශයෙන් රැගෙන ගොස් ඇති බවද වතු කම්කරුවෝ පවසති.
මෙසේ සැරිසරන කදුකර කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට ගෙන ගොස් මුදාහරින ලෙස හැටන් ෆෝඩයිස් වතුයායේ වතු කම්කරුවෝ ඉල්ලා සිටිති.
එම කදුකර කොටියා ඊයේ (03) දින අලුයම ගුරුවරියකගේ නිවසකට පැමිණ නිවසේ ඇතිකළ සුනඛයා රැගෙන යන අයුරු එම නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart