
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඊයේ (13) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන 27වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියම කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් කරන ලද මෙම විමර්ශනයට අදාලව ඒකාබද්ධ අධිචෝදනා පත්රයක් ගොනුකිරීමට කටයුතු කරන බවද නියෝජ්ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් අතර, විමර්ශන උදෘත නිතිපතිවරයාට යොමුකර ඇති බවයි.
ස්ථීර ත්රිපුගල මහාධිකරණය හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා භාර දී විනිසුරන් තිදෙනෙක් යටතේ නඩු විභාග කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන බවද මෙහිදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.
ඒ අනුව මේ නඩුව මින් ඉදිරියට මෙම අධිකරණයේ නොකැඳවන බවද නියෝජ්ය සොලිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
මෙම සිද්ධියේ පස්වන සැකකරු ලෙස ඩිස්සොලුෂන් සමාගම නම් කරන බවද නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දෙන ලදී.
සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්ර ප්රනාන්දු අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් බැවින් 149වැනි වගන්තියට අනුව නාමල් රජපක්ෂට ඇප ලබාදීමට හැකියාවක් ඇති බවය. එය සුවිශේෂී කරුණක් ලෙස සලකන්නැයි ද ඔහු කියා සිටියේය.
සැකකාර නාමල් රාජපක්ෂගේ මව මේවන විට කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමකට යොමුව ඇති බවත් සැකකරුගේ පියා පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන බැවින් මෙන්ම මොහු වැඩිමහල් පුතා හේතුවෙන් ඒ බව සලකා ඇප ලබා දෙන්නැයි ජනාධිපති නීතීඥ ශවීන්ද්ර ප්රනාන්දු ඉල්ලීමක් කළේය .
කෙසේනමුත් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත නාමල් රාජපක්ෂ ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තබන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart