
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑත කාලීන දේශසීමා ගැටුම්වලින් පසු තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින නොසන්සුන්කාරී සටන් විරාමය මධ්‍යයේ, පවතින දේශසීමා ආතතීන් හේතුවෙන් නැවත තම රටට ගොස් සිටින කාම්බෝජ සේවකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් නව සේවකයින් ගෙන්වා ගැනීමට තායි රජය සැලැස්මක් සකස් කරමින් සිටින බව එරට කම්කරු අමාත්‍යාංශය පවසයි.
බැංකොක් පෝස්ට් පුවත්පත සිකුරාදා වාර්තා කළේ, තායිලන්තයේ කම්කරු අමාත්‍ය පොන්කාවින් ජුන්ග්රුන්ග්රියැන්කිට් විසින් ලියාපදිංචි සේවකයන් 20,000ක් පමණ දේශසීමාව හරහා කාම්බෝජයට ආපසු ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.
එමනිසා එරට අඛණ්ඩව ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට ඇති බාධා අවම කිරීම සඳහා, කම්කරු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවෙන් සේවකයන් ගෙන්වා ගැනීම සලකා බලමින් සිටී.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය තවමත් එහි ආරම්භක අදියරේ පවතින අතර, එය තවමත් කෙටුම්පත් කරමින් පවතින අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මත රඳාපවතින බව පොන්කාවින් පුවත්පතට පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart