
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පිහිටි සංස්කෘතික උරුමයන් නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 18ට අඩු මෙරට දරුවන් සඳහා ප්‍රවේශපත්‍ර රහිතව නොමිලේ එම ස්ථාන වෙත පිවිසීමටත්, වයස අවුරුදු 18ට අඩු විදේශීය ළමුන් සඳහා සීමිත කොන්දේසි යටතේ එම ස්ථාන සඳහා ඇතුළුවීමේ අවසර පත්‍ර නිකුත් කිරීමටත් රජය අනුමැතිය ලබා දී ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුව, මෙම ක්‍රියාවලිය 2025 ජූලි 01 සිට ක්‍රියාත්මක වේ.
මෙම තීරණයේ මූලික අරමුණ වන්නේ දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇතිකිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමයි.
සාධාරණ සහ සුදුසු ක්‍රියාපටිපාටි යටතේ විදේශීය දරුවන්ට ද ප්‍රවේශය ලබාදෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
ජාතික උරුමයන් නැරඹීමේදී දරුවන්ට සුදුසු අවස්ථාවන් සහ වටිනා අධ්‍යාපනික අත්දැකීම් ලබාදීම මේ ඔස්සේ අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම මෙරට දරුවන්ට වයස අනුව නොමිලේ ප්‍රවේශය ලබාදීම හරහා ජාතික උරුමයන් පිළිබඳ ඔවුන්ට පවතින අව්‍යාජ අවබෝධය සහ උනන්දුව පෝෂණය කිරීමට අදහස් කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart