
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටත් රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවකටත් එරෙහිව අධිචෝදනා යටතේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව දේශය වාර්තා කරයි.
මේ අනුව පැවරෙන ප්‍රධානම නඩුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් බෙහෙත් ආනයනයේදී සිදු කළ වංචාව සම්බන්ධයෙනි.
මේ හැර තවත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුට සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනකුටත් නඩු පැවරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කර ඇතැයි සඳහන් වෙයි.
හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් ගණනාවකට අදාළ පරීක්ෂණ ද ආරම්භ කර තිබේ. ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනඥයන් ගැන ද මේ වනවිට වෙනම විමර්ශනයක් සිදුකරමින් පවතී.
මෙම නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපතිවරයා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart