
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 09ක් අත්සන් තැබීම ඊයේ(26) චීන අගමැති ලී ක්වැන්ග් (Li Qiang) සහ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
අගමැතිවරයා ඊයේ තියන්මාන් චතුරස්රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර, චීන හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා ආරම්භ කෙරිණි.
අනතුරුව බීජින් නුවර ග්‍රේට්හෝල් හීදී පැවති ද්විපාර්ශවීක සාකච්ඡාවලදී ආර්ථික, සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්රයන්හි සමස්ථ සහයෝගිතාව ඇතිකිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකරනු ලැබීය.
දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් තුළින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අගමැතිවරු මෙහිදී සනාථ කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අගමැති ලේකම් අනුර දිසානායක ගිවිසුම්වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තැබූහ.
චීන මහජන සමූහාණ්ඩුවේ ඇමැතිවරුන්, මෙරට රාජ්‍ය ඇමැතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.(PM Media)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart