
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංහල-දෙමළ අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කර අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් රටට ලබාදීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම සාකච්ඡාව ලබන සඳුදා (16) පැවැත්වීමට තීරණය වී ඇත.
1991 වර්ෂයේ සිට සිංහල-දෙමළ අවුරුදු නැකත් සම්පාදනය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු වී ඇති අතර 2024 වර්ෂයේ එසේ සම්පාදිත අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් නැකත් කමිටුවේ සාමාජිකයන් අතර මෙන්ම බාහිර පාර්ශ්ව අතර පැවති මත භේද හේතුවෙන් සිදුව ඇති ආරවුල් නිසා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හැර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින පොහොය කමිටුවේ සාමාජිකයන් වන සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරු මඟින් 2025 වර්ෂය සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනය කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
කෙසේවෙතත් 2026 වර්ෂය සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම නිසා, පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා හතරක දී එකී කණ්ඩායම් සමඟ අමාත්‍යංශය සාකච්ඡා පවත්වා ඇතත්, මේ වන තුරු පාර්ශවයන් අතර අලුත් අවුරුදු නැකත් පිළිබඳ ව එකඟතාවයක් ඇතිකර ගත නොහැකි වී ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිරන්තරයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉදිරියේ දී ද තවදුරටත් ඒ සඳහා කැප වී කටයුතු කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart