August 9, 2026

ඉරාන උත්තරීතර නායක මොජ්තාබා ඛමේනිගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අතපත වී ඇති බවත්, ඔහු තව දින කිහිපයකින් මිය යා හැකි බවත් කියැවෙන වාර්තා පැතිර යාමෙන් දින කිහිපයකට පසු, ඔහුගේ තත්පර 12 ක අලුත්ම වීඩියෝ පටයක් ඉරානයේ ‘මෙහර්’ (Mehr) පුවත් සේවය විසින් නිකුත් කර තිබේ.

මේ වසර මුලදී ඇමරිකා-ඉරාන යුද්ධය ආරම්භ වූ තැන් සිට ඛමේනි කිසිදු ප්‍රසිද්ධ පෙනී සිටීමක් සිදුකර නොතිබිණි.

දිනයක් සඳහන් කර නොමැති මෙම කෙටි වීඩියෝ පටයේ දැක්වෙන්නේ ඛමේනි තම උපදේශකයන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වන ආකාරයයි.

එහිදී ඔහු ඉතා සන්සුන්ව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවක් පෙන්නුම් කරයි.

මෙම වීඩියෝව ප්‍රකාශයට පත්කරමින් ‘මෙහර්’ පුවත් සේවය සඳහන් කළේ, උත්තරීතර නායකයාගේ මෙවැනි වීඩියෝ දර්ශනයක් ජනමාධ්‍ය වෙත නිකුත් කළ පළමු අවස්ථාව මෙය බවයි.

කෙසේවෙතත්, මෙම වීඩියෝ පටය පටිගත කරන ලද්දේ කවදාද හෝ කොහේද යන්න පිළිබඳව අදාළ පුවත් සේවය කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.