
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තු වෙත ළමුන් ප්‍රවාහනය සඳහා වෙන්වූ නව පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තු වෙත ළමුන් ප්‍රවාහනය සඳහා වාහන භාරදීම වෙනුවෙන් පැවැති නිල උත්සවයේදී ඇය මෙම අදහස් පළකළාය.
ඇය එහිදී පැවසුවේ, බන්ධනාගාර වාහනවල ප්‍රවාහනය කිරීමේදී ළමුන් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර, බන්ධනාගාරය ලෙස සලකුණු කර ඇති බස් රථවලින් ප්‍රවාහනය කිරීම සහ වැඩිහිටි වැරදිකරුවන් සහ සැකකරුවන් සමඟ ගමන් කිරීම හේතුවෙන් දරුවන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ අවස්ථා දෙකකදී වින්දිතභාවයට මුහුණ පා සිටින බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය, S.C. (F/R) 335/2010 මූලික අයිතිවාසිකම් නඩුවේදී ද එවැනි පද්ධතියක අවශ්‍යතාවය ඉස්මතු කර ඇති බව අමාත්‍යවරිය පෙන්වාදුන්නාය.
ඒ අනුව, පළමු පියවර ලෙස නවීන ටොයෝටා වෑන් රථ පහක් දකුණු, සබරගමුව, බටහිර, වයඹ සහ උතුරු පළාත් සභාවලට භාරදුන් බව ඇය පැවසුවාය..
රාජ්‍ය ආයතනවල නව බඳවා ගැනීම් අත්හිටුවා තිබියදීත්, පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා පළාත් මට්ටමින් නව තනතුරු 54ක් නිර්මාණය කර ඇති අතර, සෑම පළාතකටම රියදුරන් දෙදෙනෙකු, භාරකරුවන් දෙදෙනකු සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ලෙස නිලධාරීන් හයදෙනකු ලබාදීමට නියමිතය.
බඳවාගැනීම් දැනටමත් සිදුවෙමින් පවතින බවත්, මෙම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පත්වීම් ලබාදුන් පසු වහාම විශේෂ පුහුණුවක් ලබාදීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart