
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සැලසෙන නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසන්නේ, ඒ සඳහා විශේෂඥ කමිටුවක් ස්ථාපිත කර ඇති බවයි.
මෙම කමිටුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයකු, ප්‍රධාන රථවාහන පරීක්ෂකවරයකු සහ වෛද්‍යවරයකුගෙන් සමන්විත වේ.
ඕනෑම වාහන කාණ්ඩයක රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන ආබාධ සහිත පුද්ගලයන්ගේ පවතින ආබාධිත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව තක්සේරු කිරීම කමිටුවේ මූළික කාර්යය වේ.
එහිදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා රිය පැදවීමට බලපෑ හැකි වත්මන් ආබාධිතභාවය, යම් බාධාවක් ඇති කරයිද යන්න ප්‍රායෝගික ඇගයීම් මගින් තීරණය කරනු ඇත.
එවැනි බාධාවන් නොමැති බවට විද්වත් කමිටුව නිගමනය කළහොත් රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ආබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බවද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart