
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.
එම නව පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.
රජය පවසන්නේ, වත්මන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට පෙර ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් සංශෝධන යෝජනා කර තිබූ නමුත්, කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණු බවයි.
නව සංශෝධනයට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීරණයට අනුගතව එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව, 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මේ වන විට බලාත්මකව පවතී. එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට පෙර ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් සංශෝධන යෝජනා කර තිබූ නමුත්, කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණි. ඒ අනුව, එකී සංශෝධන ඇතුළත් කරමින් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart