
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කර ඇත්තේ කිසිදු ව්‍යාපාරික සැලැස්මක් නොමැතිව බව රජය පවසයි.
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු උපුටා දක්වමින් Sunday Morning පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළේ පුළුල් කරන ලද ධාවන පථයෙන් ආසන්න වශයෙන් අඩක් පමණ පසුගිය පරිපාලනය යටතේ දැනටමත් අවසන් කර ඇති බවයි.
ඒ අනුව දැනටමත් වැයකර ඇති විශාල වියදම් සැලකිල්ලට ගෙන ධාවන පථය නිමකිරීමේ කටයුතු ඉදිරියට ගෙනයෑමට රජය අදහස් කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් ඔහු පෙන්වාදෙන්නේ, මෙම සංවර්ධන ව්‍යාපෘතිය විධිමත් ව්‍යාපාරික සැලැස්මකින් තොරව ආරම්භ කර ඇති බවයි.
පසුගිය ආණ්ඩුව තමන්ට අවශ්‍ය ඕනෑම තැනකට අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකළ බවත්, ඔවුන්ට සැලසුම් තිබූ නමුත් ව්‍යාපාර සැලසුම් නොතිබුණු බවත් ඔහු චෝදනා කරයි.
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්රිත ව්‍යාපාර කිරීමට කැමති අනාගත ආයෝජකයන්ගෙන් කැමැත්ත ප්‍රකාශ කිරීමට අනුමැතිය ඉල්ලා මේ සතියේ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත.
හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ, කලින් RAF මින්නේරිය ලෙස හැඳින්වූ අතර, එය දෙවැනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට මෙහෙයුම් සිදුකිරීම සඳහා ඉදිකරන ලද්දකි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රගමනය සඳහා වන ප්රයත්නයේ කොටසක් ලෙස එම ගුවන් තොටුපොළ අන්තර්ජාතික ගුවන් තොටුපළක් බවට පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart