October 14, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටි මන්ත්‍රීවරයාගෙන් පැය 4ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාව ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාරගත කළ චාමර සම්පත් දසනායකව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද රැඳීසිටින වාට්ටුවේම රඳවා තැබීමට පියවර ගෙන ඇති බවයි.