
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහල ආසන්නයේ හෘද රෝගීන් වෙනුවෙන් වෙනම අංග සම්පූර්ණ නවීනතම රෝහලක් නුදුරේම ඉදිකරන බවත් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 13ක් වැයකිරීමට අපේක්ෂිත බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (02) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත අතර, එහිදී මෙම අනාවරණය සිදුකළේය.
පළමුව අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලබා , සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරතවිය.
ඉන් අනතුරුව අස්ගිරිය මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා, සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරතවිය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදව ද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී අමාත්‍යවරයා මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
මෙම වර්ෂයේ දී ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ සියයක් රටතුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒයටතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය අනූව සිව්වැනි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර, පොල්ගොල්ලවත්ත ග්‍රාමයේදීත්, පස්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මාතලේ දංකන්ද ග්‍රාමයේදීත්, අද පස්වරුවේ ආරමභකරන බවත් අමාත්‍යවරයා මහනායකහිමිවරුන් හමුවේ පවසා සිටියේය.
රටතුළ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩුකර ගැනීම සදහා මෙවැනි කාලීන ව්‍යාපෘතීන් බෙහෙවින් ඉවහල්වනු ඇතැයි මහනායක හිමිවරුන් මෙහි දී අමාත්‍යවරයාට පවසා සිටියේය.
මහනුවර ජාතික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදවත්, එහි අනාගත සංවර්ධන ක්‍රියාවලිය පිළිබදවත් අමාත්‍යවරයා මෙහි දී මහනායකහිමිවරුන්ට කරුණු ඉදිරිපත්කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart