
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණවල ප්‍රගති සමාලෝචනය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඒ, ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසන්නේ, සංවර්ධන ආයතන සහ පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ ගැටලු නීති කෙටුම්පත් සම්පාදක කාර්යාලය විසින් දෙසැම්බර් මාසයේදී ගැසට් කරන ලද කෙටුම්පතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති අතර සිංහල සහ දෙමළ පරිවර්තනවල ඇති නොගැලපීම් ද නිරාකරණය කර ඇති බවයි.
සමාලෝචනය කිරීමෙන් අනතුරුව නව කෙටුම්පත ඉදිරියට ගෙනයෑම සඳහා සහතික කිරීම නීතිපතිවරයා විසින් පසුගිය සඳුදා සිදු කරන ලදී.
ඒ අනුව නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පාර්ශවකරුවන්ට හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට ගැසට් කරන ලද පනත් කෙටුම්පත සමාලෝචනය කිරීමට අවම වශයෙන් සති දෙකක් සහ පනත් කෙටුම්පත් නීත්‍යානුකූලභාවයට අභියෝග කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට තවත් සති දෙකක් කාලයක් හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart