
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමෙන් පසු, එම හිඟ මුදල පියවීම සඳහා එකඟ වූ ගෙවීම් කාලසටහනකට අනුව කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් පවසයි.
මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මෑතකාලීන සයිබර් සොරකම සිදුව ඇත්තේ අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ස්වෛරී ණය වාරිකයක්, පද්ධතිමය ඩිජිටල් ආරක්ෂණ බිඳවැටීමක් උපයෝගී කරගනිමින් වෙනත් ගිණුමකට හරවා යැවීමෙනි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ශ්‍රී ලංකාව සහ එම අරමුදල අතර ඇති වැඩසටහනට ඍජු බලපෑමක් එල්ල කර ඇති බවයි.
ඊට හේතුව ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය වාරිකය මඟහැරීම නිසා, අලුතින් බාහිර ගෙවීම් හිඟයන් ඇතිවීම වැළැක්වීම පිළිබඳ පනවා ඇති අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය උල්ලංඝනය වීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන යටතේ ලැබීමට නියමිත මූල්‍ය වාරිකයන් සුරක්ෂිත කරගැනීම සඳහා, ලංකා බලධාරීන් විසින් මෙම කොන්දේසි උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නිදහස් කිරීමක් ඉල්ලා ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම පැහැර හැරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.002% ක තරම් සුළු ප්‍රමාණයක් වන බැවින් එය සුළු බිඳවැටීමක් ලෙස සලකන ලෙසත්, මේ වන විටත් ඒ සඳහා නිවැරදි කිරීමේ පියවර ගෙන ඇති බවත්ය.
මේ අතර, රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් සඳහන් කළේ මෙම ණය මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් නව විධිවිධාන සකස් කරමින් සිටින බවයි.
“ඉදිරි මාස කිහිපය තුළ මෙම ගැටලුව විසඳෙනු ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් සැලසුම්ගත ණය ප්‍රතිපූරණයන් සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතිනවා,” යැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසීය.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ (AFP) සහාය ඇතිව ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට මෙම සයිබර් සොරකම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වමින් සිටියි.
මීට පෙර, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබුණේ මෙම සයිබර් කොල්ලයේ සම්පූර්ණ ස්වභාවය අනාවරණය වූයේ, අදාළ අපරාධකරුවන් විසින් ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් ණය වාරිකයක් වෙනතකට හැරවීමට උත්සාහ කිරීමේදී වෙනස් කරන ලද බැංකු ගිණුම් විස්තර පිළිබඳව සැක මතු වීමෙන් පසුව බවයි.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart