July 26, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සීමානිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක පත්කරනු ලැබ තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් පත්කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඔවුන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ භාරදෙන ලදී.

සීමානිර්ණය කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩු වී පැවති ධුර සඳහා අදාළ පත්වීම් සිදුකර තිබේ.