
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවෙන් ලබාගත් පුරාවස්තු කිහිපයක් නැවත මෙරටට ලබාදීමට නෙදර්ලන්තය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් එම භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට නෙදර්ලන්තයේ කණ්ඩායමක් සති දෙකකට පෙර මෙරටට පැමිණ, ජාතික කෞතුකාගාරය පරීක්ෂා කළ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ආපසු ලබා දිය යුතු භාණ්ඩ පිළිබඳ විධිමත් නිවේදනයක් ලබන මස මුලදී සිදු කරන බව වාර්තා වේ.
නෙදර්ලන්තයේ කෞතුක වස්තු ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත බලධාරීන් සම්බන්ධ වී ඇත.
නෙදර්ලන්තය විසින් යටත් විජිත රටවලින් ලබාගත් කෞතුක භාණ්ඩ ආපසු ලබා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබීම මෙයට හේතු වේ.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart