
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව ප්රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට ඇද දමමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි පෙරළිකාර ජයග්රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත්විය.
දකුණු අප්රිකාව ලකුණු 38කින් පරාජයට පත්කරමින් නෙදර්ලන්තය මෙවර ලෝක කුසලානයේ ජය වාර්තා කළේ ටෙස්ට් තත්ත්වය හිමි රටක් ලෙස ශ්රී ලංකාව කිසිදු ජයග්රහණයක් වාර්තා කර නොමැති පසුබිමකය.
නෙදර්ලන්තයේ මෙම ජයග්රහණය ලෝක කුසලාන තරගාවලියක ටෙස්ට් තත්ත්වය හිමි රටකට එරෙහිව ඔවුන් ලබාගත් පළමු ජයග්රහණය ලෙස සටහන් විය.
ධර්මශාලා හි පැවැති තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 43කට සීමාකෙරිණි.
ඒ, අනුව පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 43 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 245ක් රැස්කළේය.
නෙදර්ලන්තයේ පළමු කඩුලු 07 ලකුණු 140ක් තුළ බිඳවැටුණද නායකත්වයේ වගකීම නිසි පරිදි ඉටුකරමින් තරගකාරී ලකුණු ප්රමාණයක් කරා සිය කණ්ඩායම ගෙන ගිය නායක ස්කොට් එඩ්වඩ්ස් නොදැවී ලකුණු 69ක් රැස්කරන ලදී.
අවසන් කඩුල්ල ලෙස පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ ආර්යන් ඩුට් පන්දු 09කදී ලකුණු 23ක් රැස්කළේ හයේ පහර තුනක්ද එල්ලකරමිනි.
අනතුරුව පන්දුවාර 43ක් තුළ ලකුණු 246ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්රිකානු කණ්ඩායමේ ප්රබල පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින්, ඔවුන් පන්දුවාර 42යි පන්දු 5ක් තුළ ලකුණු 207කට සීමා කරන්නට නෙදර්ලන්තය සමත්වූයේ පෙරළිකාර ජයක් වාර්තා කරමිනි.
දකුණු අප්රිකානු කණ්ඩායමේ සාර්ථක වූ එකම පිතිකරුවා වූ ඩෙවිඩ් මිලර් ලකුණු 43කට දැවීගියේය.
පසුගිය ඉරිදා ඇෆ්ගනිස්තානය වත්මන් ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ලෝක කුසලානයේ පළමු පෙරලිය සිදුකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart