
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ, බ්‍රවුන් බෝයි විසින් සංවිධානය කරන ලද Ne-Yo live in Sri Lanka ප්‍රසංගය කල්දැමීම සම්බන්ධයෙන් ජනතාව කෝපයට පත්ව සිටින බව වාර්තා වේ.
සංවිධායකයන් දැනටමත් ටිකට්පත් වෙනුවෙන් මුදල් එකතු කර ඇති බවත්, දැන් මුදල් ආපසු ගෙවීමක් ගැන සඳහන් කර නොමැති බවටත් චෝදනා එල්ලවේ.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල පළකරන ලද සටහනක, ටිකට්පත් මිලදී ගත් Pick Me යෙදුම හරහා ටිකට්පත් මුදල් ආපසු ගෙවන බව සංවිධායකයෝ කියාසිටිති.
එහෙත් මුදල් ආපසු ගෙවීමේ දිනයක් තවමත් ලබා දී නොමැත.
ටිකට්පත් මිල රු. 15,000 සහ ඊට වැඩි විය.
ශ්‍රී ලංකාවේ Ne-Yo live ප්‍රසංගය දෙසැම්බර් 28 වන දින කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත්, ප්‍රසංගය කල්දැමූ බව සංවිධායකයෝ ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළකළහ.
බැංකු කාඩ්පත් සඳහා වට්ටම් ලබාදෙමින් පවා ප්‍රසංගය සඳහා ටිකට්පත් මිලදී ගැනීමට ජනතාව දිරිමත් කරමින් සංවිධායකයෝ විශාල ලෙස සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදුකළහ.
ටිකට්පත් මිලදී ගත් පුද්ගලයන් චෝදනා කරන්නේ සංවිධායකයින් තම ටිකට්පත් මුදල් වංචා කර රටින් පළාගොස් ඇති බවයි.(dailymirror.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart