
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපතට ඔබ්බෙන් වූ වෙරළ තීරයේ අතරමංව සිටි මින්කිවේල් වර්ගයේ අඩි 20ක් පමණ දිගින් යුත් තල්මසෙක් නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව අද (08) මුහුද වෙත මුදාහැර ඇත.
වයඹ නාවික විධානයට අයත් නාවික නෞකා විජය ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් අද උදෑසන පුත්තලම කලපුවේ මුර සංචාරයක යෙදී සිටියදී මෙම තල්මසා දැකගන්නට ලැබී තිබේ.
වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර එම තල්මසා ගැඹුරු මුහුදට යොමුකිරීම සඳහා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයට අයත් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
ඒ අනුව, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයට අයත් කණ්ඩායම විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනයේද සහාය ඇතිව එම තල්මසා මෙලෙස මුහුද වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart