
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (18) රාත්‍රියේ යාපනය, උඩුතුරෙයි ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 130 යි ග්‍රෑම් 600 ක් පමණ බරැති කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගය පාර්සල් 61ක අසුරා තිබූ අතර ඒවා ගෝනි 03ක පුරවා තිබූ බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 43කට අධික බව නාවික හමුදාව පවසයි.
කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරු මුලින් නාවික හමුදා භාරයට ගෙන පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කේනි පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය උඩුතුරෙයි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart