
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාමුණෙයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 මාර්තු මස 20 වන දින සිදුකල විශේෂ මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයන් නවදෙනකු (09) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, 2024 මාර්තු මස 20 වන දින අළුයම උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික ස්ථානගතකිරීම මඟින් යාපනය මාමුණෙයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.
එහිදී, එම මුහුදු ප්‍රදේශයන්හී සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා තුනක් (03) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක්කිරීමේදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයන් නවදෙනකු (09), ඩිංගි යාත්‍රා තුනක් (03), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 22 ත් 49 ත් අතර වයසේ පසුවන කිලිනොච්චිය සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් නවදෙනා (09), ඩිංගි යාත්‍රා තුන (03) කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart