
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාළිකාව පෞද්ගලික සමාගමක් වන ලයිකා ගෲප් වෙත බදු ගිවිසුමක් යටතේ ලබාදී ඇත.
ඒ වෙනුවෙන් අදාළ සමාගම විසින් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට ලබාදෙයි.
චැනල් අයි නාළිකාව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් පෞද්ගලික ආයෝජකයකු වෙත එය ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබිණි.
චැනල් අයි නාළිකාව විසින් ක්‍රීඩා තරග සහ වෙනත් වැඩසටහන්ද විකාශය කෙරිණි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද ලයිකා ගෲප් වෙත පවරා දීමට මීට පෙර යෝජනා කර තිබිණි.
පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන් විසින් එය පෞද්ගලීකරණය නොකළ යුතු බවට විරෝධතාද පවත්වන ලදී.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart