
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ ජුනි මාසයේදි බටහිර ඉන්දීය කොදෙව් හිදී සහ අමරිකාවේ ආරම්භ වන පන්දුවාර 20 ක්රිකට් ලෝක කුසලානය සඳහා නැම්බියාව සුදුසුකම් ලබාගෙන තිබේ.
පන්දුවාර 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්රිකානු කලාපීය තරගාවලියේ දී ටැන්සානියාව ලකුණු 58කින් පරාජයට පත්කරමින් නැම්බ්යාව එලෙස සුදුසුකම් ලබාගත්තේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමිනි.
මීට පෙර අවස්ථා දෙකකදී, එනම් 2021 සහ 2022 වසරවලදී නැම්බ්යාව පන්දුවාර විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබාගනු ලැබීය.
පන්දුවාර 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්රිකානු කලාපීය තරගාවලිය සදහා සිම්බාබ්වේ කණ්ඩායමද තරග වදින අතර, ඔවුන්ට එහි ප්රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart