
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් සපයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු එබව කියා සිටියේ, අද (17) පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශ වැයශිර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදීය.
කිසියම් විනිසුරුවරයෙක් වැරදි තීරණයක් ලබාදුන්නේ යයි පොලිස් පැමිණිලිකරුවන්ට හැඟේ නම් ඊට පිළියම වන්නේ විනිසුරුවරයා ස්ථාන මාරු කිරීම නොව ඉහළ අධිකරණයකට ඒ තීන්දුව සම්බන්ධව අභියාචනා කිරීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
විනය හේතු මත යැයි කියමින් මෙලෙස හදිසියේ සිදුකරනු ලබන ස්ථාන මාරුවීමි නිසා විනිසුරුවරුන්ගේ දරුවන් පවා පාසල්වලට ඇතුළත් කරගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
රජය කුමක් කීවත් අධිකරණ අමාත්‍යංශය වැඩියෙන්ම දේශපාලනීකරණය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටින ඇමතිවරුන්ට සම්බන්ධව නඩු විභාග කරමින් යුක්තිසහගත නියෝග ලබාදුන් ඇතැම් විනිසුරුවරියන්ට හදිසියේ ස්ථාන මාරු ලැබීමද ප්‍රශ්න සහගත බව නාමල් රාජපක්ෂ අවධාරණයෙන් පැවසීය.
මේ ආණ්ඩුවේ පාරිශුද්ධභාවය ආරක්ෂා කර ගැනීමට නම් මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බව ඔහු වැඩිදුරටත් කීය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart