
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් පාලනය විසින් ගනු ලබන ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ තමන් අනුමත නොකරන බැවින් වත්මන් ආණ්ඩුව යටතේ ඇමැති ධූරයක් භාරගැනීමට තමන් කැමැත්තක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
‘දේශය’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේ තමන්ට ඇමැති ධූරයක් භාරගත නොහැකි බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය ලබාදෙන්නේ කාටද යන්න නුදුරු අනාගතයේදීම ප්‍රකාශ කරන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර ඇත.
මීට වසරකට පෙර අගමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ අනපේක්ෂිත ලෙස ජනාධිපති ධූරයට පත්වූ ආකාරයෙන්ම ඉදිරියේදී ඕනෑම අනපේක්ෂිත දෙයක් සිදුවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart