
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන නෞකාවක් වන IRIS Bushehr දේශීය මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට ඉඩදීමට සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 208 දෙනකු මානුෂීය හේතූන් මත කොළඹට ගෙනඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රසාදය පළකර ඇත.
“මෙය අන්තර්ජාතික නීතිය යටතේ මානුෂීය බැඳීම් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරන කාලෝචිත පියවරක්” යැයි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, පවතින ගැටුමේදී මධ්‍යස්ථභාවය පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කරමිනි.
‘X’ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ, ගෝලීය ගැටුම්වලදී තම ස්ථාවරය මධ්‍යස්ථව පවතින බව සහතික කරමින්, අවශ්‍යතාවය පැනනගින සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව තම මානුෂීය ස්වභාවය දිගටම පවත්වාගත යුතු බවයි.
ගල්ෆ් කලාපයේ සහ ගෝලීය වශයෙන් සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා අදාළ සියලු පාර්ශවයන් සමඟ සංවාදයක් සඳහා රජය බලපෑම් කරනු ඇතැයි නාමල් රාජපක්ෂ බලාපොරොත්තු පළකරයි.
“ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සහ අනෙකුත් කලාපීය හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීම ද ඒ හා සමානව වැදගත්” යැයි ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart