
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවන ලකුණු පහලවී ඇත.
ඒ වෙනුවට නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තුවට පිවිසීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ලෝකයේ කතාබහක් නිර්මාණය වෙමින් පවතී.
මෙම කතාබහ තහවුරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඊයේ පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සඳහන් කරන ලද්දේ, නාමල් රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේදී සමස්ත රටම ආවරණය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරතවීමට අපේක්ෂා කරන බැවින්, මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන දිස්ත්‍රික්කයකින්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ඉදිරි මහමැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart