
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලීම සදහා කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සැප්තැම්බර් 02 වැනිදා සිට දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ශාඛා සමිති පිහිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ ප්රතිලාභයන් සෑම ජන කොටසකටම රැගෙන යෑමට අවශ්‍ය ග්‍රාමීය නායකත්වය මේ තුළින් බිහිකරවීමට පක්ෂයක් ලෙස කටයුතු කරන බවත්, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදෙමින් පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ජනගත කිරීමට බලාපොරොත්තු වන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
විශේෂයෙන් පසුගිය කාලයේම ආසන බල මණ්ඩල රැස්කරවමින් පක්ෂයේ ප්‍රතිසංවිධානය වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වූ සියලුදෙනාටම ස්තුතිවන්ත වන බවද මන්ත්‍රීවරයා පවසයි.
ගමින් බිහිවූ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටුව ගමේ දේශපාලනය ශක්තිමත් කරමින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ශාඛා සමිති ආරම්භ කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart