August 26, 2023

හෙල්ලය විසිකිරීමේ කාන්තා ඉසව්වේ ආසියානු පදක්කම්ලාභී නදීකා ලක්මාලි වසර 23ක ක්‍රීඩා දිවියට සමු⁣දීම ප්‍රකාශ කර තිබේ.

ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අතරතුරයි.

තරගාවලියේ අවසන් තරගයේ ද රන් පදක්කම දිනාගැනීමට ඇය සමත්වූවාය.

2013 ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ අවසන් වටය සඳහා ද සුදුසුකම් ලබාගැනීමට නදීකාට හැකිවිය.

සිය වසර 23ක ක්‍රීඩා දිවිය ගැන උපරිම සතුටකින් සමුගන්නා බව නදීකා පවසා තිබේ.