June 1, 2026

දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි මියන්මාර හමුදා පාලන ප්‍රධානී සහ ජනාධිපති මින් අවුන් හ්ලයින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හයිද්‍රාබාද් මන්දිරයේදී හමුවිය.

අග්නිදිග ආසියානු කලාපය තුළ චීනයේ වර්ධනය වන බලපෑම හමුවේ, ඉන්දියාව සහ මියන්මාරය අතර ද්විපාර්ශ්වික සබඳතා නව මඟකට යොමු කිරීම සඳහා මෙම සංචාරය ඉතා තීරණාත්මක වනු ඇතැයි විශ්වාස කෙරේ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා හමුදා නායකත්වය බලය අල්ලා ගැනීමෙන් වසර පහකට පසු, දෙරට අතර සබඳතා නැවත ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඒ අනුව, රාජ්‍ය නායකයන් දෙදෙනා ප්‍රධාන කරුණු රැසක් ඔස්සේ සාකච්ඡා පවත්වා තිබේ.