
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනාගතයේදී සිදුවන දීර්ඝකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවශ්‍ය වන තිරසාර ආහාර නිෂ්පාදන ක්‍රමවේද අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක නිරත අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) ගගනගාමීන් විසින් ‘Red Russian’ වර්ගයේ කේල් සහ ‘Wasabi’ වර්ගයේ අබ සාර්ථකව වගා කර තිබේ.
විශේෂිත ශාක වගා පහසුකමකට සීමා නොවී, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විවිධ ස්ථාන තුළ ශාක වර්ධනය වන ආකාරය පිළිබඳ පර්යේෂකයන්ට අවබෝධ කරගැනීමට මෙම පරීක්ෂණය මගින් අවස්ථාව සැලසී ඇති බව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
“සඳ, අඟහරු සහ ඊට ඔබ්බට සිදුකිරීමට නියමිත අනාගත අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන්ට පෝෂ්‍යදායී, අලුත් ආහාර වගා කරගැනීම සඳහා මෙම පර්යේෂණය මගින් මගපෑදෙනවා,” යැයි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරයි.
සඳ සහ අඟහරු වෙත යන දීර්ඝකාලීන මෙහෙයුම්වලදී ගගනගාමීන්ට තිරසාර ආහාර ප්‍රභවයන් මෙන්ම ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණය සඳහා ජෛව පද්ධතීන් අත්‍යවශ්‍ය වන බැවින් ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය යටතේ ශාක වගා කිරීම අතිශය වැදගත් වේ.
පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නොමැතිව වුවද මෙම බෝග කඩිනමින් පැළවන බවත්, නිරෝගීව වැඩෙන බවත් මෙමගින් තහවුරු වී ඇති අතර, අභ්‍යවකාශ කෘෂිකාර්මික පද්ධති සංවර්ධනය කිරීමට පර්යේෂකයන්ට මෙය විශාල පිටිවහලක් වී තිබේ.
මෙම සාර්ථක ජයග්‍රහණය පිළිබඳ සටහන සමාජ මාධ්‍ය තුළද දැඩි අවධානයට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart