
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තෙල්දෙනිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී හෙද විකිත්සකවරියකගේ මළසිරුරක් හමුවීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට රැකවරණය දෙමින්, ඔහුට පලායාමට සහාය දැක්වූ පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයෙකු (CI) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර, කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කළ මෙම ප්‍රධාන පරීක්ෂකවරයාව පෙරේදා (25) රාත්රියේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ප්‍රධාන සැකකරුගේ සමීපතමයෙකු වන අතර, පොලිසිය මඟහරිමින් සිටි සැකකරුට නවාතැන් හා වෙනත් ආධාර උපකාර සපයා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම මනුෂ්‍ය ඝාතනය සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස පොලිසියට අවසර ලබා දී ඇත. මෙලෙස රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන්නේ:
– චාමික ශ්‍රියාන් ජයසුන්දර (43): නාරම්මල පදිංචි ප්‍රධාන සැකකරු
– නෙත්මි අමායා රත්නායක (35): ප්‍රධාන සැකකරුගේ බිරිඳ
– රංජිත් සාලිය සමරසිංහ (49): සැකකරුවන්ට සහාය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු
අපරාධයෙන් පසු ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයකින් පලායමින් සිටියදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් යාපනය, කයිතඩි ප්‍රදේශයේදී පසුගිය බදාදා (24) අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔවුන්ව නුවරඑළිය පොලිසිය වෙත භාර දුන් අතර, ඔවුන්ට උපකාර කළ ප්‍රාදේශීය සභා රියදුරාව ද පසුව අත්අඩංගුවට ගැනුණි.
නුවරඑළිය කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක සඳහන් කළේ, ප්‍රධාන සැකකරු පොලිසියෙන් බේරී පලායන අතරතුර සිය පවුල ද සමඟ අවස්ථා තුනකදී යාපනය වෙත ගොස් ඇති බවයි. ඔහු විදේශගත වීමට උත්සාහ කර නොමැති අතර, ඒ සඳහා සුවිශාල මුදලක් ද ඔහු සන්තකයේ තිබී නැත. ඒ වෙනුවට ඔහු දුරගමන් බස් රථ භාවිත කරමින් යාපනයේ තාවකාලික ස්ථානවල සහ හිතවතුන්ගේ නිවාසවල මාරුවෙන් මාරුවට රැඳී සිටිමින් ලංකාව ඇතුළතම සැඟවී සිටීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart