
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජා ඇල පොලිස් වසමේ කණුවන පෙදෙසේ පිහිටි සමුපකාර ග්‍රාමීය බැංකුව ඉකුත්දා (24 දා) මහ රෑ බිඳ එහි තිබූ රුපියල් එක්කෝටි අසූනව ලක්ෂයක් වටිනා පවුම් 262ක රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ නවයක මුදලක් කොල්ලකා පළාගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි.
කොල්ලකෑමට ලක්ව ඇති බැංකු පරිශ්‍රය අබියස 23 දින දවස පුරා විශාල බත් දන්සලක් ද පවත්වා ඇති අතර එයට විශාල පිරිසක් සහභාගි වී සිට ඇත.
එවැනි තත්ත්වයක් යටතේ ප්‍රදේශයේ අධික පිරිසක් ගැවසෙමින් සිටියදී මෙම බැංකු කොල්ලය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර ජා ඇල සහ ඒ අවට ප්‍රදේශයේ බොහෝ පිරිසක් එම සමුපකාර ග්‍රාමීය බැංකුවට උකස්කොට තිබූ මුදු, මාල, වළලු, කරාබු ඇතුළු රන් භාණ්ඩ රැසක්ම වන බව කණුවන සමුපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකාරීත්වය පවසයි.
ඉකුත් 25 දා උදෑසන ජාඇල පොලිසියට ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනී ඉෂාරා මධුවන්ති පැමිණිලි කරමින් පවසා ඇත්තේ පරණ මීගමුව පාරේ ඇති සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛාව කිසියම් පිරිසක් විසින් බිඳ එහි තිබූ දේපළ පැහැරගෙන ගොස් ඇති බවයි.
එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ග්‍රාමීය බැංකුවේ පිටුපස බිත්තියේ කොටසක් බිඳදමා බැංකුවට රිංගා ඇති පිරිසක් මෙම කොල්ලය සිදුකර ඇති බවයි.
කොල්ලකරුවන් යකඩ කියත් ආධාරයෙන් බැංකුවේ මුදල් හා රන් භාණ්ඩ තැන්පත් කර තිබූ සේප්පු කඩා මෙම කොල්ලය සිදුකර තිබේ.
ඔවුන් කොල්ලය සිදුකරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ද පාවිච්චි කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කොල්ලකරුවන් බැංකුවේ සී.සී.ටී.වී. දත්ත ගබඩා පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය සැකකරන්නේ මෙම කොල්ලය බැංකුව වසා තිබූ ඉකුත් 22 හා 25 යන දින අතර සිදුකර තිබෙන බවයි.
මෙලෙස බැංකුව බිඳ බැංකුවේ තැන්පත් කර තිබූ රුපියල් මිලියන 20 ක් පමණ වටිනා භාණ්ඩ හා රුපියල් ලක්ෂ 09කට අධික මුදලක් පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.
කොල්ලයට සම්බන්ධ කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදුකරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart