June 9, 2023

ප්‍රංශයේ ඇනසී (Annecy) ප්‍රදේශයේ උද්‍යානයකදී පුද්ගලයකු අද (ජුනි 9) කුඩා ළමුන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇත.

ප්‍රවෘත්ති වාර්තාවලට අනුව වයස අවුරුදු එකත් තුනත් අතර පසුවන මෙම දරුවන්ගේ තත්ත්වය මේ වන විට ස්ථාවරව පවතී.

දේශීය වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ 31 හැවිරිදි සිරියානු සරණාගතයකු විසිනි.
ඇනෙසිහි ජනප්‍රිය ළමා උද්‍යානයක් වන Parc de la Prairie වෙත ඇතුළුව මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

ප්‍රහාරකයා පාලනය කිරීමට උත්සාහ කළ වැඩිහිටියන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇත.

පසුව ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් ප්‍රංශ බලධාරීන් පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදී චේතනාවකින් සිදුකර අත්තක් නොවන බවයි.

ප්‍රංශ ජාතික සභාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ඇත.