
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඉඩකඩ පවතින බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම පනත දැඩි ලෙස විවේචනයට ලක් කරයි.
සැප්තැම්බර් 22 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම පනත් කෙටුම්පත, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන එන එකක් ලෙස හඳුන්වා දුන්නද, එහි සැබෑ අරමුණ වන්නේ රාජ්‍ය බලතල සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කිරීම බව නුගේගොඩ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
“මේ පනතේ නමින් කියැවෙන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන බවයි. නමුත් මෙහි සැබෑ අරමුණ මහජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම්වලින් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමයි,” යනුවෙන් ඔහු එහිදී චෝදනා කළේය.
සාම්ප්‍රදායිකව සන්නද්ධ ප්‍රචණ්ඩත්වයට සහ ඝාතනවලට සම්බන්ධ වැරදිවලට වඩා පුළුල් අර්ථකථනයක් මෙම පනත තුළ ‘ත්‍රස්තවාදය’ යන්නට ලබා දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඔහුට අනුව, යම් දේශපාලනික හෝ මතවාදී අරමුණක් වෙනුවෙන් රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට කිසියම් තීරණයක් ගැනීමට බලකිරීම හෝ යම් ක්‍රියාවකින් වැළකී සිටීමට බලකිරීම සඳහා සිදුකරන ක්‍රියාකාරකම් ද මෙම පනත යටතේ ආවරණය විය හැක. “ඒ කියන්නේ වැඩි වේතන ඉල්ලා අරගල කරන කෙනෙකුට හරි, ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්න එපා කියලා කියන කෙනෙකුට හරි වුණත් ත්‍රස්තවාදියෙකු ලෙස ලේබල් කරන්න මෙයින් ඉඩ සලසා තිබෙනවා,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙවැනි ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම තුළින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට අමතරව තවත් පිරිසකට මෙහි දැඩි බලපෑම් එල්ල විය හැකි බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිය පළ කරයි.
“මෙහි ඉලක්කය ත්‍රස්තවාදීන් නෙමෙයි. වෘත්තීය සමිති නායකයින්, ගොවි නායකයින්, ශිෂ්‍ය නායකයින්, යෞවනයින්, සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රජා නායකයින්,” ඔහු සඳහන් කළේය.
යෝජිත රඳවා ගැනීමේ බලතල පිළිබඳව ද අදහස් දැක්වූ ජයගොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් අධිකරණ නියෝගයකින් තොරව වසරක් දක්වා පුද්ගලයෙකු රඳවා තබා ගැනීමට මෙමගින් බලතල ලැබෙන බව ප්‍රකාශ කළේය.
“පුද්ගලයෙකු රඳවා තබා ගැනීමේ බලය තියෙන්නේ අධිකරණයටයි. නමුත් මේ පනත සම්මත වුණොත්, ආරක්ෂක ලේකම්වරයාට පුළුවන් වෙනවා අධිකරණ නියෝගයක් නැතුවම මාස දෙකෙන් දෙකට රඳවා ගැනීමේ නියෝග නිකුත් කරමින් වසරක් දක්වා පුද්ගලයෙකු සිරගත කර තබන්න,” ඔහු පැවසීය.
තවද, සන්නද්ධ හමුදාවන්ගේ භූමිකාව සම්බන්ධ ප්‍රතිපාදන ද හෙතෙම දැඩි ලෙස විවේචනය කළේය. යෝජිත පනතේ 19 වැනි වගන්තිය උපුටා දක්වමින් ජයගොඩ කියා සිටියේ, සෙවීම්, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම් සම්බන්ධ බලතල හමුදා නිලධාරීන් වෙත ද දීර්ඝ කර ඇති බවයි.
“පොලිස් බලතල හමුදාවට ලබා දෙන්නේ ඇයි? සිවිල් වැසියන් සමඟ කටයුතු කිරීමේදී සන්නද්ධ බලය යොදා ගැනීමට අවශ්‍ය නිසාද?” යනුවෙන් ඔහු අවසාන වශයෙන් ප්‍රශ්න කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart