
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජුනි මාසවලදී නිව් ඩයමන්ඩ්(MT New Diamond) සහ එක්ස්ප්‍රස් පර්ල්(MV Xpress Pearl) නෞකා ගිනිගැනීම්වලදී ලබාදුන් සහාය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් වන්දි/හානි ඉල්ලා ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා අසත්‍ය බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකශ කරයි.
මෙම අවස්ථා දෙකේදීම ඉන්දීය රජය වහාම නැව් යෙදවීම ‘අසල්වැසි ප්‍රථම’ සහ සැමට ආරක්ෂාව ප්‍රතිපත්තියට අනුකුලව සිදුකළ බවත් මහකොමසාරිස් කාර්යාලය පෙන්වාදෙයි.
නිවේදනයක් නිකුත් කරමින් මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
“MT New Diamond සහ MV Xpress Pearl නෞකාවල ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා කඩිනම් සහාය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශ්චිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය රජය වහාම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) නැව් යෙදවූ බව සිහිපත් කළ හැකිය. මෙම නෞකා විසින් සිදු කරන ලද ගලවාගැනීමේ මෙහෙයුම් ගිනි අනතුරු දෙකෙහි අන්තරායකර බලපෑම් මැඩපැවැත්වීමට සහ එමගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා සමුද්‍ර පරිසරයට වන හානිය සීමා කිරීමට උපකාරී විය.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ‘දූෂක ගෙවීම් මූලධර්මයට’ අනුකූලව, අපි මෙම නැව් විසින් සිදු කරන ලද යෙදවීම, ගලවා ගැනීමේ ක්‍රියාකාරකම් සහ අයිතම/ගබඩා සඳහා හිමිකම් පෑමක් කර ඇත. අදාළ සංසදයේ ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ අපගේ හිමිකම්වලට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම් රක්ෂණකරු/හිමිකරු වෙත පියවීම සඳහා ඉදිරිපත් කිරීම සහ ස්ථාපිත මාර්ග හරහා ලැබුණු වන්දි මුදල් ප්‍රතිපූරණය කිරීම සඳහා ඉල්ලීම සිදුකෙරී ඇති බව අවධාරණය කෙරේ.
ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් කිසිදු හානියක්/වන්දියක් ඉල්ලා නැති බවත්, ඉන්දීය රජය වහාම නැව් යෙදවීම ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියට සහ සැමට ආරක්ෂාව සහ වර්ධනය (S.A.G.A.R) මූලධර්මයට අනුකූල බවත් නැවත අවධාරණය කරයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart