
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයෙක් ඉදිරිපත් කළ යෝජනාවට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ එකඟතාව ලැබී නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් දා පැවැති පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවටය. මේ වන විට රුපියල් දෙලක්ෂයක් වන මන්ත්‍රි රක්ෂණාවරණය ප්‍රමාණවත් නොමැති බවත් එහෙයින් එම රක්ෂණාවරණය වැඩි කළ යුතු බවටත් මන්ත්‍රිවරයා යෝජනා කර තිබේ.
පවතින තත්ත්වය මත මෙම වසරේදී එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ලබන වසරේදී ඒ සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවත් කථානායකවරයා එම අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.
මෙම රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට ගෙන ඇති කැබිනට් තීරණය ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේදී අනුමැතිය හිමි විය යුතුය.
මන්ත්‍රී රක්ෂණාවරණය වැඩි කිරීම පිළිබඳව ඉකුත් අප්‍රේල් මස පැවැති ගෘහ්‍ය කාරක සභාවේදීත් සාකච්ඡා කර තිබූ නමුත් කිසිදු තීරණයකට එළැඹී නැත.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart