
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ අසරණව සිටි දරුවන් තිදෙනාගේ මව අද කුවේටයේ සිට දිවයිනට පැමිණ තිබේ.
එම දරුවන්ගේ මව රැකියාවක් සඳහා විදේශගත වී සිටි නමුත් කුවේටයේදී රැකියාවක් නොලැබීම හේතුවෙන් කාමරයක සිරව සිටීමට සිදුව ඇත.
දරුවන්ගේ පියාද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටී.
එබැවින් සැළකිවයුතු කාලයක් අවුරුදු 14, 07 සහ 05 යන වයසේ පසුවන මෙම දරුවන් තිදෙනා පසුව ඇත්තේ කඩාවැටීමට ආසන්න නිවසේ අනාරක්ෂිතව තනිව ය.
කෙසේවෙතත් මෙම සිදුවීම ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමත් සමග විදේශ රැකියා අමාත්‍යංශය මැදිහත්ව දරුවන්ගේ මව නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැය 24ක් ඇතුළත ඇයට සිය දරුවන් සමඟ එක්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කඩිනම් පියවර ගෙන තිබිණි.
අපේක්ෂා භංගත්වයට පත්ව සිටින දරුවන්ගේ මව වන වාසනා ප්‍රනාන්දු පවසන්නේ, තමාට රැකියාවක් ලබාදීමට එකඟව සිටි සේවායෝජකයා පසුව රැකියාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බැවින්, තමන් මාසයකට වැඩි කාලයක් රැකියා ඒජන්සියේ කාමරයක සිරව සිටි බවයි.
තම දරුවන් තිදෙනා මවගේ භාරයේ තබා විදේශගත වූ නමුත් ඇය පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවද ඇය පැවසුවාය.
Ceylonwire මේ සම්බන්ධයෙන් පළකළ වාර්තා පහතින් දැක්වේ.
කුරුණෑගල දරුවන්ගේ මව හෙට දිවයිනට – මව්වරුන් රට රැකියාවලට යෑමේදී දරුවන් ගැන වාර්තාවක් අනිවාර්යයි
දරු තිදෙනෙක් තනියෙන් කඩාවැටෙන ගෙදරක – තාත්තා හිරේ, අම්මා පිටරට හිරවෙලා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart